International16 June 2026

ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි

අමෙරිකාවේ ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් දියත් කිරීමට ගිය දරුණු ප්‍රහාර මාලාවක් අමෙරිකානු FBI ආයතනය විසින් ව්‍යර්ථ කර තිබෙනවා.

අමෙරිකාවේ ධවල මන්දිරයේ පසුගිය ඉරිදා (14) දින පැවැත්වීමට නියමිතව තිබූ UFC (Ultimate Fighting Championship) සටන්කාමී තරගාවලිය ඉලක්ක කරගනිමින් සැලසුම් කර තිබූ දරුණු ප්‍රහාර මාලාවක් මෙසේ ව්‍යර්ථ කර තිබෙන බව සඳහන්.

කුමන්ත්‍රණකරුවන් විසින් පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා (Explosive-laden drones) භාවිත කරමින් UFC තරගය නැරඹීමට පැමිණෙන අතිවිශාල ජනකාය ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව හෙළි වී තිබෙනවා.

බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් අදාළ විනාශය සිදුවීමට පෙර සැකකරුවන් කොටු කර ගැනීමට සමත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes