General14 July 2026

රු. මිලියන 61කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී දැලේ

රුපියල් මිලියන 61.8 කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" (Kush) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 63 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවක්.
Related recommendation
Hiru TV News | Programmes