අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා ප්‍රසිද්ධියේ ක්‍රිප්ටෝ (Cryptocurrency) ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට සාමාන්‍ය ජනතාව දිරිමත් කළ ද, ට්‍රම්ප්ගේ පුද්ගලික ධන කළමනාකරුවන් විසින් එමඟින් උපයාගත් ලාභවලින් විශාල කොටසක් වඩාත් සුරක්ෂිත සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරනවා.
රොයිටර් පුවත් සේවය විසින් සිදුකරන ලද දත්ත විශ්ලේෂණයකට අනුව, ඔහුගේ නවතම නිල මූල්‍ය අනාවරණ වාර්තා (Financial Disclosures) පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී ‘World Liberty Financial’ සහ ‘Trump meme coin’ වැනි පවුලේ ක්‍රිප්ටෝ ව්‍යාපෘති හරහා ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 1.4කට අධික ආදායමක් ලබාගෙන ඇති බවයි.
මෙම ක්‍රිප්ටෝ ආදායම් ගලා ඒමත් සමඟ, ට්‍රම්ප් සතු සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කර කළඹ (Portfolio) 2024 වසරේ අගභාගයේ පැවති ඩොලර් මිලියන 225-608 සීමාවේ සිට 2025 වසරේ අග වන විට ඩොලර් මිලියන 703 සිට බිලියන 2.6 දක්වා සිව්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වුවත්, ට්‍රම්ප් සහ ඔහුගේ පුතුන් වන එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් විසින් බිට්කොයින් වැනි ඩිජිටල් වත්කම් අනාගතයේ ඩොලර් මිලියනය දක්වා ඉහළ යනු ඇතැයි පවසමින් මහජනතාව ඒ වෙත ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළ ද, 2026 අප්‍රේල් මාසය වන විට ට්‍රම්ප් පාර්ශවයේ ක්‍රිප්ටෝ ව්‍යාපෘතිවල ආයෝජනය කළ සාමාන්‍ය සිල්ලර ආයෝජකයින්ට (Retail investors) ඩොලර් බිලියන 2.3ක අතිදැවැන්ත පාඩුවකට මුහුණ දීමට සිදුවූ බවයි මීට පෙර වාර්තා වුණේ.
මූල්‍ය සහ ඩිජිටල් වත්කම් පිළිබඳ විශේෂඥයින් පවසන්නේ ට්‍රම්ප් අමෙරිකාව ලෝකයේ ක්‍රිප්ටෝ අගනගරය කරන බවට දේශපාලනිකව ප්‍රකාශ කළ ද, ඔහුගේ පුද්ගලික ආයෝජන විලාසය දෙස බැලීමේදී ඔහු ක්‍රිප්ටෝ කෙරෙහි පූර්ණ විශ්වාසයක් නොතබන බවයි.
ඔහු ක්‍රිප්ටෝ හරහා කඩිනම් ලාභ ලබාගෙන (quick buck), තම පුද්ගලික ධනය සුරක්ෂිතව තබාගැනීම සඳහා සාම්ප්‍රදායික මූල්‍ය ක්ෂේත්‍රය භාවිතා කර ඇති බව හාවඩ් විශ්වවිද්‍යාලයේ දත්ත ප්‍රතිපත්ති ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තිමොති මැසාඩ් පෙන්වා දෙනවා.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ වත්කම් ස්වාධීන තෙවන පාර්ශවීය මූල්‍ය ආයතන විසින් මෙහෙයවනු ලබන පූර්ණ අභිමත ගිණුම් (Fully discretionary accounts) හරහා පාලනය වන බවයි.
ට්‍රම්ප් සංවිධානය (Trump Org) ද ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම සතුව ස්ථාවර මූල්‍ය තත්ත්වයක් සහ ශක්තිමත් වත්කම් පවතින බවයි.

Latest News
බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි
Local
14 July 2026
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
Local
14 July 2026
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවාගේ සිරුර ආග්රාඔයෙන් හමුවේ
Local
14 July 2026
රාජකාරිය අතරතුර ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ සැරයන් රණසිංහ SI තනතුරට උසස් කෙරේ
Local
14 July 2026
හෝමූස් මඟහරින්න ඩුබායි රාජ්‍යයෙන් දැවැන්ත සැලසුමක් - නැගෙනහිර වෙරළේ අලුත්ම වරායක් ඉදිකරයි
Local
14 July 2026
ඔන්ලයින් බිස්නස්වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
14 July 2026
නිකන් දෙන්න ගෙනා පොහොර විකිණු මගඩිය: හිරු CIA හෙළිදරව්වේ තොරතුරුවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රාජ්‍ය නිලධාරියෙක්
Local
14 July 2026
එයාර් බස් ගනුදෙනු නඩුව ඔක්තෝබර් 13 වැනිදා තෙක් කල් තැබෙයි
Local
14 July 2026
ඉන්දියාව ලොව විශාලතම හරිත බලශක්ති සංකීර්ණය ගොඩනගයි
Local
14 July 2026
ක්‍රිප්ටෝ ගැන පාරම්බාපු ට්‍රම්ප්, සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කරලා: නවතම අනාවරණයකින් හෙළි වෙයි
Local
14 July 2026