ප්‍රකට ඉරාන ඡායාරූප මාධ්‍යවේදිනියක වන යාල්දා මොආයරිට (Yalda Moaiery) වසර 15ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඉරානයේ විරෝධතා සහ කාන්තාවන්ගේ ජීවිත ඇතුළු සංවේදී සිදුවීම් වාර්තා කරමින් සිය වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් ගත කළ ඇය, එම කාර්යය හේතුවෙන් අවස්ථා ගණනාවකදී ඉරාන බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබුණා.
ඉරාන ජාතික මාධ්‍යවේදී දිනය යෙදී තිබූ සෙනසුරාදා ඇයට මෙම සිර දඬුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2025 වසරේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති දින 12ක යුද්ධයෙන් පසුව හඳුන්වා දුන් නීතියක් යටතේ මෙම දඬුවම නියම කර ඇති බව සඳහන්.
ඔත්තු බැලීම සහ සතුරු රාජ්‍ය සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැළැක්වීම එම නීතියේ අරමුණ බව ඉරාන බලධාරීන් පවසන බවයි රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ.
මොආයරි සඳහන් කර ඇත්තේ, ටෙහෙරානයේ විප්ලවීය අධිකරණයට පැමිණි අවස්ථාවේදී තම නඩුවට අදාළ නිල ලේඛන තමන්ට ලබා නොදුන් බවයි.
ඇය සමග පැමිණි මිතුරෙකු චෝදනා පත්‍රයේ සඳහන් කරුණු අතින් පිටපත් කරගෙන ඇති බවද ඇය සඳහන් කර තිබෙනවා.
රොයිටර්ස් විසින් සමාලෝචනය කළ එම අතින් ලියන ලද සටහන් අනුව, බලධාරීන් සතුරු ලෙස සලකන මාධ්‍ය ආයතන වෙත සම්මුඛ සාකච්ඡා ලබාදීම සහ අමෙරිකාව හා ඊශ්‍රායලය සමග සම්බන්ධ සංවිධාන වෙත ඡායාරූප ලබාදීම ඇතුළු චෝදනා ඇයට එල්ල වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, එම චෝදනා පත්‍රයේ අන්තර්ගතය ස්වාධීනව තහවුරු කිරීමට රොයිටර්ස්ට හැකි වී නොමැති බවටයි සඳහන් වෙන්නේ.
මොආයරි පවසා තිබෙන්නේ, ජනවාරි මාසයේ පැවති රජයට එරෙහි විරෝධතා අතරතුර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශය තම නිවසට කඩා වැදී ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය සහ අනෙකුත් විද්‍යුත් උපකරණ රැගෙන ගිය බවයි.
මේ වසරේ අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවද එම නිලධාරීන් යළි පැමිණ තම භාණ්ඩ රැගෙන ගිය බව ඇය සඳහන් කර තිබෙනවා.
ඇය පවසන්නේ තමන් අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කිරීම්වලට ලක් කළ බවත්, පසුව තම නඩුව ආරක්ෂක නීතිපති කාර්යාලයේ 33 වැනි ශාඛාව වෙතත්, ඉන් අනතුරුව විප්ලවීය අධිකරණය වෙතත් යොමු කළ බවයි.

Latest News
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනා රිමාන්ඩ්
Local
17 August 2026
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් සුපිරි නළුවන් තිදෙනක්ට වෙළඳ දැන්වීම්වලින් ඉවත් වන ලෙස නියෝගයක්!
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284ට සීමා වෙයි
Local
17 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්යායපත්රයට ඇතුළත් කෙරේ
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂ සිය පළමු ටෙස්ට් ශතකය රැස් කරයි
Local
17 August 2026
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේ ඇරඹෙයි
Local
17 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 6.29 කින් පහළට
Local
17 August 2026
ගංජා හේනෙන් ලක්ෂ 5ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප
Local
17 August 2026
ගතවූ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
ඩෙංගු රෝගීන් 92,254 ක් දක්වා ඉහළට
Local
17 August 2026