
එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට ප්‍රථම වතාවට කාන්තාවක් පත්කරමින් සේරා මල්ලලි නම් කර තිබෙනවා.
මෙම තනතුර වසර 1,400 කට වඩා පැරණියි.
මෑතක් වන තුරුම ඇන්ග්ලිකන් සභාව පාලනය කරනු ලැබුවේ පිරිමින් විසින් පමණයි.
වසර 11 කට පෙර හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ මගින් කාන්තාවකට කැන්ටබරි අගරදගුරු වීමට හැකි වී තිබෙනවා.
එරට වාර්තා පැවසුවේ ඇය කැන්ටබරි අගරදගුරු තනතුරට පත්වීම කාන්තා බිෂොප්වරුන්ට විරුද්ධ වන කොන්සර්වේටිව් ඇංග්ලිකානුවන්ගේ ක්ෂණික විවේචනයට ලක්වී ඇති බවයි.
මෙම විවේචකයන් ප්‍රධාන වශයෙන් පදනම් වී සිටින්නේ අප්‍රිකාවේ ය.
නව අගරදගුරු ලෙස පත්වූ සේරා ලොව පුරා සිටින මිලියන 85ක ඇංග්ලිකානුවන්ගේ චාරිත්‍රානුකූල නායිකාව බවට ද පත්වනවා.
ඇය සිය පූර්වගාමීන් මෙන්ම, කොන්සර්වේටිව් කණ්ඩායම්, සමලිංගිකත්වය සමහර අප්‍රිකානු රටවල තහනම් කර ඇති සහ සාමාන්‍යයෙන් බටහිර ලිබරල් කිතුනුවන් අතර පවතින බෙදීම සමනය කිරීමේ දුෂ්කර අභියෝගයකට මුහුණ දෙනු ඇතැයි විදෙස් වාර්තා පවසනවා.
ඇය 2018 වසරේ සිට ලන්ඩන්හි බිෂොප්වරිය ලෙස කටයුතු කළා.
ඇය මීට පෙර සිවිල් හවුල්කාරිත්වයන්හි සහ විවාහයන්හි සමලිංගික යුවළයන්ට ආශිර්වාද කිරීමට ඉඩ දීමඇතුළු ලිබරල් කරුණු කිහිපයක් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.
සිය පත්වීමට විරෝධය පළ කළ හැකි අයට අදහස් දක්වමින් මල්ලිලි පැවසුවේ, "අපගේ සම්ප්‍රදාය කුමක් වුවත්, සැම දෙනාගේම ජීවිතය සහ වෘත්තිය දියුණු කිරීමට හැකි එඬේරෙකු වීමට මම අදහස් කරමි". යන්නයි.
63 හැවිරිදි මල්ලලි 2000 දශකයේ මුල් භාගයේ එංගලන්තයේ ප්‍රධාන හෙද නිලධාරිනිය ලෙස සේවය කළ හිටපු පිළිකා හෙදියක්.
ඇය 2002 දී පූජකවරියක් ලෙස පත් කරන ලද අතර, 2015 දී එංගලන්ත සභාවේ බිෂොප්වරියක් ලෙස අභිෂේක ලැබූ පළමු කාන්තාවන්ගෙන් කෙනෙක්.
Latest News
අමෙරිකානු හිටපු රැප් ගායකයෙකුවන කොම්බ්ස්ට මාස 50ක සිර දඬුවම්

බෝම්බ හෙලීම් නවත්වන්න ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට දැඩි නියෝගයක්

ඓශ්වර්යා- අභිෂේක් නඩුවක් නිසා AI වීඩියෝ සිය ගණනක් Youtube වෙතින් අතුරුදන්

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය; ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හෙට තරග බිමට

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දෙන්න පොලිසියෙන් තවත් නව දුරකථන අංක

ට්‍රම්ප්ගේ අවසන් දැනුම් දීම "එරට වේලාවෙන් ඉරිදා සවස 6වනවිට සාමයට එකඟ නොවුනොත් හමාස් විනාශ කර දමනවා"

නිත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කළ යුුතුයි - ජනපති

‘බුවාලෝයි‘ 7 දෙනෙකු බිලිගනී

එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට පළමු වරට කාන්තාවක් පත්කරයි

කුට්ටිගේ ප්රශ්නය ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි
