General03 October 2025

කුට්ටිගේ ප්‍රශ්නය ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි

පොහොට්ටුවෙ තිස්සකුට්ටිආරච්චිගේ යම් ගැටඵවක් අවසන් කිරීමට පසුගිය සතිය තුළ හැකිවී තිබෙනවා.



කුට්ටිආරච්චිගෙ ප්‍රශ්නය අවසන් කිරීමේ විශේෂ හමුවීමක් පසුගිය අගහරුවාද සංවිධාන කර තිබුණා.

සාකච්ඡාවේ මැදිහත්කරු සංජීව එදිරිමාන්න .

නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු , සාගර කාරිවසම් සහ කුට්ටිආරච්චි මෙම සාකච්ඡාවට අසුන් ගත්තා.

'නායකතුමා ,මම කුට්ටි අයියව එක්කන් ආවෙ ප්‍රශ්නය මෙතනින් ඉවර කරගන්න".....සංජීව එදිරිමාන්න කතාවට මුලපිරුව.

"මෙහෙමයි තිස්ස ඔයා ඔයාගෙ ලයින් එක තෝරගන්න.කතා කරන දේවල පරිස්සමින් තෝරගන්න.නැත්නම් ඔයාව දේශපාලනිකව විනාස වෙනව" කියමින් නාමල් කුට්ටිආරච්චිට කරුණු පැහැදිලි කළා.

ඊට පස්සෙ කතා කළේ සාගර කාරිවසම් ....-කුට්ටි ඔයාගෙ කතාවෙන් පස්සෙ මට කෝල්ස් සීයක් විතර ආව.ඔයා හොද කතිකයෙක් අනවශ්‍ය දේවල කියල අපරාදෙ නාස්ති වෙන්න එපා...."


"තිස්ස මම ඔයාට හැමදාම උදව් කළා.අපි දෙන්නම unp යෙ ඉදල ආපු මිනිස්සු.පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්නයක් ආපු වෙලාවෙත් මම ඔයා වෙනුවෙන් පෙනී හිටිය.ඒක අමතක කරන්න එපා....ජොන්ස්ටන් තිස්සට අවවාද කළා.


ඈවරයි දෑවරයි ප්‍රශ්නය ඉවරයි සර්..මට අනුරාධපුරේ වැඩටික කරගෙන යන්න උදව් කරන්න.කැදවුම්කරුවො ටික ඉක්මනින්ම පත්කරල දෙන්න.කුට්ටිආරච්චි බොහොම නිවුණු හඩකින් කිව්ව.
Related Recommends
Hiru TV News | Programmes