අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් අද (03) දිනයේදී ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝගිහු 50000ට වැඩි සංඛ්‍යාවක් දැඩි අපහසුවකට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
නිසි ක්‍රමවේදයෙන් බැහැරව දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට ලබා දී ඇති ස්ථානමාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලා පෙරේදා (01) දෙහිඅත්තකණ්ඩිය රෝහලෙන් ආරම්භ කළ වැඩ වර්ජනයට සාධාරණ විසදුමක් ලබා නොදීම හේතුවෙන් ඊයේ (02) දිනය වන විට අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල් සහ මහඔය රෝහල් දක්වා වැඩ වර්ජනය ව්‍යාප්ත කිරීමට සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
ගොඩනැගී ඇති ප්‍රශ්නය නිරාකරණය කිරීම සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුදැනුම මත සිව්දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කර එවන බවට පොරොන්දු වුවද එය සිදු නොවීමට හේතුවෙන් අද (3) දිනයේදී අම්පාර දිස්ත්‍රික්ක රෝහලද වර්ජනයට එක් වූ බැවින් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් අද දිනයේදී වැඩ වර්ජනයේ යෙදී සිටින බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරනවා.
වෛද්‍ය ස්ථානමාරු ක්‍රමවේදයන නිසි ලෙස ක්‍රියාත්මක නොකළහොත් වර්ජනය තවත් දිස්ත්‍රික්කයන් වෙත ව්‍යාප්ත විය හැකි බවද සංගමය අනතුරු අඟවා සිටියි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අදූරදර්ශී ක්‍රියාවන්ට විරෝදය පළ කරමින් අද දහවල් වෛද්‍යවරුන් අම්පාර රෝහල ඉදිිපිට උද්ඝෝෂණයකට නිරත වූ අයුරු ඡායාරූපවලට හසුව තිබුණා.
Latest News
ශිරන්තිට බයිපාස් සැත්කමක් අවශ්ය බව වෛද්‍ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙයි
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්‍ය සහයෝගීතාව ව්‍යාප්ත කිරීමට සාකච්ජා
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට