Entertainment03 October 2025

ඓශ්වර්යා- අභිෂේක් නඩුවක් නිසා AI වීඩියෝ සිය ගණනක් Youtube වෙතින් අතුරුදන්

බොලිවුඩයේ සුපිරි තාරකා යුවළක් වන ඓශ්වර්යා රායි - අභිෂේක් බච්චන්ගේ නඩුවක් හේතුවෙන් AI තාක්ෂණයෙන් සැකසූ වීඩියෝ සිය ගණනක් Google සමාගමට අයත්Youtube සමාජ මාධ්‍යයෙන් ඉවත් කර තිබෙනවා.

මෙම ඉවත් කරන ලද වීඩියෝවල තිබූ සමස්ත නැරඹුම් වාර ප්‍රමාණය මිලියන 16කට අධිකයි.

අභිෂේක් සහ අයිශ්වර්යා, ඔවුන්ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් කඩකරන AI වීඩියෝ ඉවත් කරන ලෙසට සහ එවැනි වීඩියෝ නිර්මාණය කිරීම තහනම් කරන ලෙසට නවදිල්ලි අධිකරණයක් හමුවේ පෙත්සමක් මගින් ඉල්ලා තිබෙනවා.

 ඔවුන්ගේ නඩුකරය, යූටියුබ් හි AI පුහුණු ප්‍රතිපත්තිය ද අභියෝගයට ලක්කරන්නක්.

පසුගිය මාසයේ විනිසුරුවරයෙකු විසින් යූටියුබ් සබැඳි කිහිපයක් ඉවත් කරන ලෙසට නියෝග කර තිබියදීත්, එහි තවත් ඒ හාසමාන වීඩියෝ සිය ගණනක් පෙන්වමින් තිබූබව රොයිටර් පුවත් සේවය මෙම සතියේදී වාර්තා කර තිබුණා.

මෙම වීඩියෝවල සුපිරි තරු සිපගන්නා ආකාරය හෝ AI තාක්ෂණයෙන් ඔවුන්ගේ අනුරූ යොදා ප්‍රේම සම්බන්ධකම්වල යෙදෙන ආකාරය පෙන්නුම් කර තිබෙනවා.

‘AI Bollywood Ishq’නමින් හැඳින්වෙන, AIවලින් නිර්මාණය කරන ලද බොලිවුඩ් ආදර කතා වීඩියෝ සකසා මුදාහැරි ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් මුළුමනින්ම ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මෙම නාලිකාවට මීට පෙර වීඩියෝ259 ක්තිබූ අතර, ඇතැම් ඒවා ලිංගික ස්වභාවයෙන් යුක්ත වී තිබූ බව සඳහන්.

ඒවා සම්පූර්ණයෙන් නැරඹුම් වාර මිලියන 16.5 ක් ඉක්මවා තිබූ බවයි පැවසෙන්නේ.

අද පස්වරුව වන විට එම චැනලය ඉවත් කර තිබෙනවා.

මකා දැමුණු නාලිකාවේ වඩාත්ම ජනප්‍රිය වීඩියෝවක් වූයේ, සල්මාන් ඛාන් සහ අයිශ්වර්යා පිහිනුම් තටාකයක සිටින AI සජීවීකරණයක්.

යූටියුබ් ආයතනය රොයිටර් වෙත විද්‍යුත් තැපෑලකින් දැනුම් දී ඇත්තේ, අදාළ වාර්තාවේ සඳහන් වූ නාලිකාව, එහිනිර්මාතෘවරයා විසින්ම මකා දමා ඇතිබවයි.

 එම අන්තර්ගතය යූටියුබ් වේදිකාවෙන් තවදුරටත් ලබා ගත නොහැකි බවත් එහි දන්වා තිබෙනවා.

යූටියුබ් සමාගම හානිකර වැරදි තොරතුරු තහනම් කරන බවත්, පරිශීලකයන් නොමඟ යවන ආකාරයෙන් තාක්ෂණිකව හැසිරවූ හෝ ව්‍යාජ ලෙස සකස් කළ අන්තර්ගතයන් ඉවත් කරන බවත් සඳහන් කර තිබුණා.

බච්චන් යුවල ගූගල් සමාගමෙන් සහ ඔවුන්ගේ අනුරූ සහිත අනවසර අන්තර්ගතයන්, භාණ්ඩ යනාදිය අලෙවි කරන වෙනත් සුළු වෙබ් අඩවිවලින්ඩොලර් 450,000 ක වන්දියක්ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, අභිෂේක්ගේ නඩු ලේඛනවල උපුටා දක්වා ඇති උදාහරණවලට සමාන තවත් සමහර වීඩියෝ සිකුරාදා වන විටත් යූටියුබ් හි දක්නට ලැබුණා.

ඉන්දියාව යනුලොව පුරා යූටියුබ් හි විශාලතම වෙළඳපොළයි.

එහි පරිශීලකයින් මිලියන 600 ක් පමණ සිටින බව සඳහන් වනවා.

Related Recomands
Hiru TV News | Programmes