වයඹ පළාත් සභාව සහ කුරුණෑගල මහනගර සභාව එකාබද්ධව සයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ගිවිසුම් ගත වුවද, ඒ සම්බන්ධයෙන් පවත්නා අධීක්ෂණ කටයුත්තක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නැවතී ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණ වුණා.
මෙවැනි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ප්‍රථම, ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගත යුතු වුවත් එය ලබාගෙන නොමැති බවත් මෙහිදී හෙළි වුණා.
තවද, විශේෂිත ස්වරූපයේ ඉදිකිරීමක් නොවන සයමහල් සමාන්‍ය කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෝරාගෙන තිබීම ගැටලු සහගත බව ද කෝපා කමිටුව විසින් අවධාරණය කරනු ලැබුවා.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වයඹ පළාත් සභාවේ 2023, 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගියදා රැස්වී අදාළ නිලධාරින් කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අනුව, මෙම ඉදිකිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට නැවත කැඳවීමක් කරනු ලබන බවත්, මාසයක් ඇතුළත මේ ගොඩනැගිල්ලේ ව්‍යාපෘතියට අදාළ නිර්දේශ, ප්‍රසම්පාදන, තාක්ෂණික, කමිටු අදාළ සියලු වාර්තා සහ ලේඛන විගණකාධිපති වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබුවා.

Latest News
පොලිස්පතිගෙන් SDIG කෙනෙකුට එරෙහිව පැමිණිල්ලක්
Local
29 October 2025
යටියන්තොට ලැවන්ට් වත්තෙ පවුල් 21ක් අනතුරේ
Local
29 October 2025
රුපියල් 10,000ක් අල්ලස් ගත් අධිකරණ කා.කා.ස. දැලේ
Local
29 October 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබේ
Local
29 October 2025
පුටුවේ නායකයින් මහ රෑ හිටපු ඇමතිගේ නිවසේ
Local
29 October 2025
ජපාන අකෙබොනෝ නෞකාව දිවයිනට
Local
29 October 2025
රමේෂ් නිශාන් මිනෝද් සධීර දස්කම් අතරට : Hayleys කණ්ඩායම අවසන් මහා තරගයට
Local
29 October 2025
E වීසා විගණන මතභේදය ගැන VFS ගෝලීය සමාගමෙන් පැහැදිලි කිරීමක්
Local
29 October 2025
2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රකෘතියක් අපේක්ෂා කරනවා - IMF
Local
29 October 2025
වැලිගම වෙඩික්කරුගේ පෙර වැරදි සොයා විමර්ශන
Local
29 October 2025