General01 May 2026

සජබ මැයි රැලියට හිටපු ජනපති රනිල්ගෙන් සුබපැතුම්

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මෙවර වෙසක් දිනය මැයි මස 01 වැනිදාට යෙදීම හේතුවෙන්, එදින දේශපාලන කටයුතුවලින් බැහැරව ආගමික වතාවත්වලට මුල්තැන දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පක්ෂයේ ප්‍රතිපත්තිමය තීරණය පිළිබඳව දැනුම් දෙමින් සහ සමගි ජන බලවේගයේ මැයි රැලියට සුබපැතුම් එක් කරමින් විශේෂ ලිපියක් යොමු කරමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කරනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බංණ්ඩාර වෙත ලිපියක් යොමුකරමිනුයි ඔහු මේ බව පවසා තිබෙන්නේ.

මැයි 01 වැනිදාට වෙසක් පුන් පෝය යෙදී තිබීම සැලකිල්ලට ගෙන, අප්‍රේල් 30 වැනිදා සිටම ආගමික වතාවන් ආරම්භ කිරීමට කලාපයේ ථෙරවාදී බෞද්ධ රටවල් සමඟ ශ්‍රී ලංකාව ද පියවර ගෙන තිබෙන බවද එම ලිපියේ සඳහන්.

2018 වසරේදී ද ජාතික වෙසක් සැමරුම හේතුවෙන් මැයි දින සැමරුම් මැයි 07 වැනිදා දක්වා කල් දැමීමට එවකට පැවති රජය පියවර ගත් බවද මෙහිදී සිහිපත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උත්සවයට සමගි ජන බලවේගයේ නියෝජිතයන් සහභාගී වීම අගය කර ඇති අතර, එම විශ්වාසය මත පදනම්ව එවන ලද සුබපැතුම් පණිවිඩය සජබ මැයි රැලියේදී කියවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ලිපියේ සඳහන්.

මේ සමග සජබ දේශපාලන පක්ෂයේ මැයි රැලිය සාර්ථක කර ගැනීමට එම ලිපිය මගින් සුබපැතුම් එක් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes