එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුව මෙවර වෙසක් දිනය මැයි මස 01 වැනිදාට යෙදීම හේතුවෙන්, එදින දේශපාලන කටයුතුවලින් බැහැරව ආගමික වතාවත්වලට මුල්තැන දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
පක්ෂයේ ප්‍රතිපත්තිමය තීරණය පිළිබඳව දැනුම් දෙමින් සහ සමගි ජන බලවේගයේ මැයි රැලියට සුබපැතුම් එක් කරමින් විශේෂ ලිපියක් යොමු කරමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කරනවා.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බංණ්ඩාර වෙත ලිපියක් යොමුකරමිනුයි ඔහු මේ බව පවසා තිබෙන්නේ.
මැයි 01 වැනිදාට වෙසක් පුන් පෝය යෙදී තිබීම සැලකිල්ලට ගෙන, අප්‍රේල් 30 වැනිදා සිටම ආගමික වතාවන් ආරම්භ කිරීමට කලාපයේ ථෙරවාදී බෞද්ධ රටවල් සමඟ ශ්‍රී ලංකාව ද පියවර ගෙන තිබෙන බවද එම ලිපියේ සඳහන්.
2018 වසරේදී ද ජාතික වෙසක් සැමරුම හේතුවෙන් මැයි දින සැමරුම් මැයි 07 වැනිදා දක්වා කල් දැමීමට එවකට පැවති රජය පියවර ගත් බවද මෙහිදී සිහිපත් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උත්සවයට සමගි ජන බලවේගයේ නියෝජිතයන් සහභාගී වීම අගය කර ඇති අතර, එම විශ්වාසය මත පදනම්ව එවන ලද සුබපැතුම් පණිවිඩය සජබ මැයි රැලියේදී කියවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ලිපියේ සඳහන්.
මේ සමග සජබ දේශපාලන පක්ෂයේ මැයි රැලිය සාර්ථක කර ගැනීමට එම ලිපිය මගින් සුබපැතුම් එක් කර තිබෙනවා.

Latest News
පක්ෂ රැසක මැයි දින රැළි ඇරඹේ
Local
01 May 2026
පැනමා ඇළ නිසා රටවල් රැසකින් චීනයට විරෝධයක්
Local
01 May 2026
ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලපෑම් ගැන පාකිස්ථාන අගමැති හෙළි කරයි
Local
01 May 2026
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට
Local
01 May 2026
ඊශ්‍රායලය ලැබූ අමෙරිකානු යුධ ආධාරයන් ටොන් ලක්ෂය ඉක්මවයි
Local
01 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට
Local
01 May 2026
රාජ්‍ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්‍රලේඛයක්
Local
01 May 2026
භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ: ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හිරු බලයේදී කියයි
Local
01 May 2026
පසුපසට ධාවනය කළ කන්ටේනරයට හසුවී සහායකයා ජීවිතක්ෂයට
Local
01 May 2026
අපේ තීන්දු වර්ග දෙකයි: එකක් ජනතාවට, අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කැපීමට - ජනපති
Local
01 May 2026