International02 May 2026

හෝමුස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කර ඇමරිකානු සම්බාධක ඉවත් කර ගැනීම සඳහා ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසන්නේ, දෙපාර්ශවය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය සමනය වී සති කිහිපයක් ගත වී ඇතත්, ස්ථිර එකඟතාවයකට පැමිණීමට තවමත් නොහැකි වී ඇති බවයි.

ඉරානය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ මූලික කරුණු දෙකක් පදනම් කරගනිමින්.

ඒ, ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ ඒ වෙනුවට ඉරානයට පනවා ඇති ඇමරිකානු සම්බාධක (Blockade) ඉවත් කිරීම යන කරුණුයි.
Related recommendation
Hiru TV News | Programmes