මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා ස්ථාවර පොලී අනුපාතය 2.5%ක් වූ නමුත් එම පොලී අනුපාතය 3.5% ක්වූ පරාසය සඳහා එකඟවුයේ ඇයි දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.
ඊට අමතරව මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලුණා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.
මෙහිදී අදහස් දක්වමින් මෙදින කාරක සභාව හමුවට කැඳවා සිටි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු සිදුවන කඩවත-මීරිගම කොටසේ දිග 36.475 Km වන අතර එහි වැඩ අවසන් කිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් හා අවශ්‍ය ඉතිරි මුදල මුදල දේශීයව ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසුවා.
ඒ අනුව චීනයේ EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා අයකරනු ලබන පොලී අනුපාතය පිළිබඳව කාරක සභාවේදී දිර්ඝලෙස සාකච්ඡා වුණා.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා චීනයේ EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා ස්ථාවර පොලී අනුපාතය 2.5%ක් වූ නමුත් එම පොලී අනුපාතය 3.5% ක්වූ පරාසය සඳහා එකඟවුයේ ඇයි දැයි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.
එහිදී අදහස් දැක්වූ නිලධාරීන් පවත්නා මිල ගණන් යටතේ 2.5%ක් පොලී අනුපාතයට ණය ලබාදීමට එම බැංකුව එකඟ නොවූ බවත් ඒ අනුව විචල්‍ය පොලි අනුපාතය මත 3.5%ක් වූ උපරිම පොලී අනුපාතයකට එකඟ වී ඇති බවත් එම පොලී අනුපාතය තවදුරටත් වෙනස් කරගැනීමට අපේක්ෂා කරන බවත් නිලධාරීන් පැවසුවා.
කෙසේ වෙතත් ඒ අනුව මෙම පොලී අනුපාතය නැවත සලකා බැලිය යුතු බවත් මෙමගින් ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත් සභාපතිවරයා පැවසුවා.
මේ අතර මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලබාගෙන ඇති ණය මුදලින් කොටසක් පියවීමට පාර්ලිමේන්තු අනුමතිය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ 2025 වර්ෂය සඳහා පරිපූරක ඇස්තමේන්තු ද කාරක සභාවේදී සලකා බැලුණා.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග ඉදිකිරීම් සඳහා දේශීය බැංකු වලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2025.07.31 වන දින වන විට රුපියල් බිලියන 310කට අධික මුදල් ප්‍රමාණයක් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීන් කරක සභවට පැවසුවා.
ඒ අනුව එම ණය මුදල් ගෙවීමට අවශ්‍ය, අයවැය තුළ වෙන් කර ඇති රුපිලියල් බිලියන 36 ක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමතිය, මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් අපේක්ෂා කරන බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වුවා.
ඒ අනුව එම පරිපූරක ඇස්තමේන්තු කාරක සභාවේදී සළකා බැලීමෙන් පසු අනුමත කර තිබෙනවා.
මේ අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් හා දේශීයව ලබාගෙන ඇති ණය ප්‍රමාණයන් පිළිබඳව කාරක සභාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියා.
ඒ අනුව විදේශ ණය ඩොලර් බිලියන 37 ක්ද රුපියල්වලින් ලබාගන් ණය ට්‍රිලියන 19.6ක් ද ගෙවීමට පවතින බවද එම නිලධාරීන් පෙන්වා දුන්නා.
මෙහිදී මේ වසරේ ගෙවීමට ඇති ණය වාරික ප්‍රමාණය පිළිබඳව කාරක සභාභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටි නමුත් අදාළ සංඛ්‍යා දත්ත ඔවුන් සතුව ඒ මොහොතේ නොතිබීම පිළිබඳව සභාපතිවරයා කාරක සභාවේ නොසතුට පළකළා.
ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හා සිදුවීම හේතුවෙන් ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද මෙහිදී කාරක සභා සභාපතිවරයා සිහිපත් කළා.
මේ රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, සුනිල් රාජපක්‍ෂ, නිශාන්ත ජයවීර සහභාගි වූණා.

Latest News
ශිරන්තිට බයිපාස් සැත්කමක් අවශ්‍ය බව වෛද්ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙයි
Local
16 October 2026
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
Local
16 October 2026
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්‍රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026