General03 October 2025

පාසල් සිසුන්ට මත් පෙති විකිණූ ෆෝන් බාස් දැලේ

තන්තිරිමලය පාසලක පැවති උත්සවයක් අතර තුර පාසල් සිසුන්ට මත් පෙති අලෙවි කළැයි සැකපිට රුවන්මඩුව, තන්තිරිමලය පදිංචි 24 හැවිරිදි දුරකථන අලුත්වැඩියා කරන්නකු ඊයේ (02) අත්අඩංගුවට ගත් බව තන්තිරිමලය පොලිසිය පවසයි.

උත්සවය අතරතුර සිසුන් සිව් දෙනකු අසනීප වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී එම සිසුන් මත් පෙති භාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර මත් කරල් 2ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තන්තිරිමලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Related Recommends
Hiru TV News | Programmes