General09 April 2026

සැත්කමකට සිංගප්පූරුවට ගිය හිටපු ජනපති රනිල් දිවයිනට

සිංගප්පූරුවේ දී සැත්කමට භාජන වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත දිවයිනට පැමිණ තිබෙනවා.

පසුගිය මාර්තු 15 වැනිදා මෙසේ සිංගප්පූරුව බලා පිටව ගිය ඔහු, සැත්කමෙන් සතියකට පසුව රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණා.

ඔහුට අදාළ සැත්කම කරන ලද්දේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍ය සිවදාසන් විසින්.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සොයුරු චන්න වික්‍රමසිංහ ඇතුළු පවුලේ සාමාජිකයින්ද හිටපු ජනපතිවරයා සමග සැත්කම සඳහා සිංගප්පූරුවට ගොස් තිබුණා.

රෝහල් ගතව සිටි ඔහුගේ සැප දුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල, වජිරගේ පුත් තීක්ෂණ අබේවර්ධන ද පසුව සිංගප්පූරුව බලා පිටව ගියා.
Related recommendation
Hiru TV News | Programmes