International02 May 2026

අමෙරිකාවෙන් මැදපෙරදිග රටවල් හතරකට ඩොලර් බිලියන 8.6 ක යුද උපකරණ

මැදපෙරදිග මිත්‍ර රටවල් වන ඊශ්‍රායලය, කටාර් රාජ්‍යය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා ඩොලර් බිලියන 8.6කට අධික යුද අවි අලෙවි කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව කටාර් රාජ්‍යය සඳහා ඩොලර් බිලියන 4.1ක වටිනාකමකින් යුත් ගුවන් සහ මිසයිල ආරක්ෂණ පද්ධති නඩත්තු සේවා අලෙවි කෙරෙනු ඇති.

එමෙන්ම, කුවේටයට ඩොලර් බිලියන 2.5ක ඒකාබද්ධ සටන් මෙහෙයුම් පද්ධතියක් අලෙවිය සඳහා තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව ඊශ්‍රායලය සඳහා ඩොලර් මිලියන 992.4 ක ප්‍රහාරක අවි පද්ධතියක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා ඩොලර් මිලියන 147.6 ක අවි පද්ධතියක් අලෙවි කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes