Sports11 July 2026

80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට

අද පැවැති 80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියර (80th Bradby Shield - 1st Leg) තරගයෙන් රාජකීය විද්‍යාලය පරදවා ලකුණු 33 කට 10 ක් ලෙස විශිෂ්ට ජයක් අත්කර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම සමත්ව වුණා.

මෙවර තරගාවලියේ පළමු අදියර රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර තරගය ආරම්භයේ සිටම දැඩි දක්ෂතා දැක්වූ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ රාජකීය පිලට දැඩි පීඩනයක් එල්ල කළා.

ඒ අනුව, තරගය නිමාවන විට ලකුණු 33ක් ලබාගත් ත්‍රිත්ව විදුහල දෙවන අදියරට පෙර පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව රාජකීය විද්‍යාලයට ලබාගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි.


Related Recomands
Hiru TV News | Programmes