ඉන්දීය රුපියලෙන් (INR) බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා වාණිජ ආයතනවලට අවස්ථාව සලසා දීමට ඉන්දියාවේ අවධානය යොමු වී ඇති බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජාල් පාණ්ඩේ සඳහන් කරනවා.
පෙරේදා (15) පැවති 'Bridging Borders II' මූල්‍ය සංවාදයේදී ආරාධිත අමුත්තා ලෙස අදහස් දක්වමින් ආචාර්ය පාණ්ඩේ මෙම මුලපිරීම හැඳින්වූයේ වෙළෙඳපොළ දෙක අතර ඇති "ගැඹුරු විශ්වාසය" පිළිබිඹු කරන "දිගුකාලීන දැක්මක්" ලෙසයි.
ඉන්දු–ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (ISCCI) විසින් සංවිධානය කරන ලද මෙම සංවාදය, ඉන්දීය මුදල් ඒකකයෙන් බැඳුම්කර නිකුත් කිරීම සඳහා මාර්ග සිතියමක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ව්‍යාපාරවලට සහ මූල්‍ය ආයතනවලට INR බැඳුම්කර නිකුත් කිරීමට ඉඩ දීම මගින් ඔවුන්ගේ අරමුදල් ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීමට, විනිමය අනුපාත උච්චාවචනයට ඇති අවදානම අඩු කිරීමට සහ ඉන්දීය වෙළෙඳපොළ පිළිබඳ දැනුමක් ඇති ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇති බවයි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ.
කෙසේ වෙතත්, රුපියලේ අස්ථාවරත්වය, සම්පූර්ණ ප්‍රාග්ධන ගිණුම් පරිවර්තන හැකියාවක් නොමැති වීම සහ බාහිර වාණිජ ණය දීම් පිළිබඳ පවතින මාර්ගෝපදේශ වැනි ඉන්දියාවේ පාර්ශ්වයෙන් ඇති "සැලකිය යුතු නියාමන අභියෝග" පිළිබඳව ඔහු පිළිගෙන තිබෙනවා.
එමෙන්ම එහිදී ඔහු ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා ඇත්තේ, අදාළ අභියෝගයන් නිසා නොසැලී සිටිමින්, අසල්වැසි රටවල යටිතල පහසුකම් සහ තිරසාර ව්‍යාපෘති සඳහා INR බැඳුම්කර මූල්‍යකරණයට ඉඩ දීමට නියාමන ප්‍රතිසංස්කරණ ගවේෂණය කරන ලෙසයි.
වාණිජ බැඳුම්කරවලට අමතරව, සාම්ප්‍රදායික අමෙරිකානු ඩොලර් ණය වෙනුවට සංවර්ධන හවුල්කාරිත්වයන් සහ ආයෝජන මූල්‍යකරණය සඳහා ඉන්දීය රුපියල්වලින් ණය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට ඉන්දියාව සූදානම් බවයි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ.
මෙම මුලපිරීම දෙරට අතර ඉන්දීය රුපියලෙන් වෙළෙඳ පියවීම් සඳහා ඉන්දීය මහ බැංකුවේ (RBI) 2023 මාර්ගෝපදේශ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය UPI (Unified Payments Interface) ක්‍රමය හඳුන්වා දීම ඇතුළු දේශීය මුදල් ප්‍රවර්ධනය කිරීමේ පුළුල් ප්‍රයත්නයන් සමග සමපාත වෙනවා.
ශ්‍රී ලංකාවේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ මෑත කාලීන ශ්‍රේණිගත කිරීම් වැඩි දියුණු කිරීම අගය කළ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, මෙම මූල්‍ය යාන්ත්‍රණයන්ට අනුපූරක වීමට ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) කඩිනමින් අවසන් කිරීමටද ඉල්ලා තිබෙනවා.

Latest News
නීතීඥ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල ලාංඡන ඉවත් කරන්නෙ නෑ - ඇමති නලින්ද
Local
21 October 2025

කොළඹ කොටස් වෙළඳපොළ සර්වකාලීන ඉහළම අගයට ළඟාවෙයි
Local
21 October 2025

මහ වැස්සෙන් 2ක් මරුට -දිස්ත්‍රික් 6කට පීඩා -වැස්ස මිලිමීටර් 200 පනී
Local
21 October 2025

අල්ලස් ගත්තැයි කියූ ගොවිජන නිලධාරියාට ඇප
Local
21 October 2025

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා
Local
21 October 2025

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම
Local
21 October 2025

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න
Local
21 October 2025

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා
Local
21 October 2025

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්
Local
21 October 2025

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි
Local
21 October 2025