Business17 October 2025

කොළඹ කොටස් වෙළඳපොළේ සර්වකාලීන ඉහළම අගයට ළඟාවෙයි

කොළඹ කොටස් වෙළඳපොළ අද (17) දිනයේදී සුවිශේෂී වාර්තාවක් පිහිටුවමින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, කොටස් වෙළඳපොළ වාර්තා කළ අන්දමට, සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේදී ඒකක 217.65 කින් ඉහළ ගොස්, ඒකක 22,633.80 ක් ලෙස සටහන් වුණා.

මෙය කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම දර්ශක අගයද වනු ඇති.

එමෙන්ම, අද දිනට අදාළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 11.2 ක් ලෙස වාර්තා වී තිබුණා.
Related Recomands
Hiru TV News | Programmes