මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ BOI අනුමත ව්‍යාපෘතීන් හරහා මෙරටට ලැබුණු විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒම, ආයෝජන සඳහා ලබාගත් විදේශ වාණිජ ණය ද ඇතුළුව, අමෙරිකානු ඩොලර් මිලියන 827 දක්වා ළඟා වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරන්මින් සඳහන් කරනවා.
මෙය, 2024 වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සසඳන විට සියයට 138ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කර තිබෙනවා.
මෙම සමස්ත ආයෝජන ගලා ඒම පහත ප්‍රධාන මූලාශ්‍ර හතර ඔස්සේ සිදුවී තිබෙනවා.
එනම් කොටස් ප්රාග්ධනය (Equity Capital): අමෙරිකානු ඩොලර් මිලියන 133, නැවත ආයෝජනය කරන ලද රඳවාගත් ඉපැයීම් (Reinvested Eaings): අමෙරිකානු ඩොලර් මිලියන 132 යි, ආයෝජන සඳහා අන්තර් සමාගම් විදේශීය ණය (Foreign Inter-Company Loans): අමෙරිකානු ඩොලර් මිලියන 231 සහ ආයෝජන සඳහා දිගුකාලීන විදේශ වාණිජ ණය (Long-term Foreign Commercial Loans): අමෙරිකානු ඩොලර් මිලියන 331යි.
ලැබුණු FDI අගයෙන්, අමෙරිකානු ඩොලර් මිලියන 124ක් 2025 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ අත්සන් කරන ලද නව ව්‍යාපෘති ගිවිසුම් හරහා ලබාගෙන තිබෙනවා.
ඉතිරිය, පවතින ව්‍යාපෘති විසින් සිදුකරන ලද නැවත ආයෝජනයන් සහ මෙහෙයුම් පුළුල් කිරීම් තුළින් උත්පාදනය කර තිබීම විශේෂත්වයක්.
BOI සඳහන් කරන්නේ, මෙම ප්‍රගතිය නව ආයෝජකයින්ගේ වර්ධනය වන විශ්වාසය සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් යටතේ තම මෙහෙයුම් පුළුල් කිරීමට පවතින ආයෝජකයින්ගේ අඛණ්ඩ කැපවීම යන දෙකම පිළිබිඹු කරන බවයි.
මීට අමතරව, 2025 පළමු මාස නවය තුළ BOI ව්‍යාපෘති 163ක් ඔස්සේ අමෙරිකානු ඩොලර් මිලියන 326 ක දේශීය ආයෝජනයක් ද සිදු කර තිබෙනවා.
මෙම වාර්තාගත කාල පරිච්ඡේදය තුළ මෙරටට ලැබුණු සෘජු විදේශ ආයෝජන (FDI) ගලා ඒම සඳහා විශාලතම දායකත්වය සපයා ඇත්තේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය පුද්ගලික සමාගම (Colombo West Inteational Terminal - CWIT Pvt Ltd) විසින්.
CWIT සමාගම යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 229ක (USD 229 million) දැවැන්ත ආයෝජනයක් සිදු කර තිබෙනවා.
2022 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කරන ලද, උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත (Strategic Development Projects Act) යටතේ මෙම ආයතනය ස්ථාපිත කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, Adani Inteational Port Holdings Pte Ltd (ඉන්දියාව) සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) ආයතන විසින්.
මෙම කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (West Container Terminal) ඉදිකිරීම් අවසන් වූ පසු, වරායේ ධාරිතාව TEU මිලියන 3.2කින් පුළුල් කිරීම සිදු වෙනවා.
එමඟින් කොළඹ වරාය දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් (Major Transshipment Hub) ලෙස තවදුරටත් ශක්තිමත් වෙනවා.
ඉන්දියාවේ CEAT Ltd හි අනුබද්ධිත, ශ්‍රී ලංකාවේ නව සමාගමක් ලෙස ස්ථාපිත CEAT OHT Lanka Pvt Ltd, ශ්‍රී ලංකාවේ තරගකාරී ටයර් නිශ්පාදන කර්මාන්තය තවදුරටත් ස්ථාපිත කරමින් අපනයන වෙළඳපොළ සඳහා අධිවේගී මාර්ගයෙන් පිටන (OHT) ටයර් නිෂ්පාදනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 111ක දායකත්වයක් ලබා දී තිබෙනවා.
තවද, Michelin Lanka Pvt Ltd දිගින් දිගටම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු සඳහා ආයෝජනය කරන අතර, මෙම වසර තුළ තම මව් සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 72ක් ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන, Melco Resorts and Entertainment Limited (Hong Kong) හි අනුබද්ධිත ආයතනයක් වන Bluehaven Services Pvt Ltd, ශ්‍රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන city of Dreams Sri Lanka හි විනෝදාත්මක පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 85ක් ආයෝජනය කර තිබෙනවා.
මෙයට අමතරව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම දේපල සංවර්ධන ව්‍යාපෘතියක් අමෙරිකානු ඩොලර් මිලියන 47ක් යොදවමින් කොළඹ නගරයේ නාගරික සංවර්ධන සඳහා දායක වී තිබෙනවා.
මෙම ව්‍යාපෘති පහෙන් ලැබෙන විදේශ ප්‍රාග්ධන ආයෝජන ගලා ඒම මේ වසරේ වාර්තා වූ මුළු ගලා ඒමෙන් සියයට 66ක්.
මේවායින් ඔබ්බට, තවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් 150ක් සාමූහිකව අමෙරිකානු ඩොලර් මිලියන 283 ක දායකත්වයක් ලබා දුන් අතර, මෙය විවිධ අංශ හරහා පුළුල් ආයෝජක සහභාගීත්වයක් පෙන්නුම් කරනවා.

Latest News
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි
Local
21 October 2025

වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්
Local
21 October 2025

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්‍රිකට් තරුව
Local
21 October 2025

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි
Local
21 October 2025

මොනරාගල නව දිස්ත්‍රික් ලේකම් වැඩ අරඹයි
Local
21 October 2025

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී
Local
21 October 2025

හරින් එජාපයේ ප්‍රධාන තනතුරකට
Local
21 October 2025

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි
Local
21 October 2025

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: ගිරිඋල්ල වික්‍රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025