Business17 October 2025

නිෂ්පාදන හා සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක්

මෙම සතියේ නිකුත් කරන ලද ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) දත්ත අනුව, නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකෙහිම අඛණ්ඩ වර්ධනයක් සැප්තැම්බර් මාසයේදී පෙන්නුම් කර තිබෙනවා.

නිෂ්පාදන PMI අගය අගෝස්තු මාසයේ 55.2 සිට සැප්තැම්බර් මාසයේදී 55.4 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය අඛණ්ඩව වසර දෙකක් පුරා පවතින වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා.

ප්‍රධාන වශයෙන්ම නව ඇණවුම් සහ නිෂ්පාදන උප-දර්ශක මෙලෙස ඉහළ යාමට හේතු වී ඇති අතර, එයට වැඩි වශයෙන් දායක වී ඇත්තේ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදනයයි.

විදේශීය පාරිභෝගිකයන් විසින් වසර අග උත්සව සමය සඳහා ඇණවුම් ලබා දීම මීට හේතුවයි.

උත්සව සමය සඳහා සැලසුම් සහගතව තොග රැස්කිරීම හේතුවෙන් මිලදී ගත් තොග උප-දර්ශකය ද ඉහළ ගොස් තිබෙනවා.

සැප්තැම්බර් මාසයේදී සුවිශේෂී ලෙස සේවා නියුක්ති උප-දර්ශකය වෙනස් වී ඇති අතර, බොහෝ ආයතන සඳහන් කළේ, සමාගම් තුළ දක්ෂ ශ්‍රමිකයන් රඳවා ගැනීමට සහ ආකර්ෂණය කර ගැනීමට ඇති දුෂ්කරතාව මෙයට හේතුව බවයි.

සේවා PMI අගය අගෝස්තු මාසයේ 68.9 සිට සැප්තැම්බර් මාසයේදී 58.7 දක්වා පහත වැටී ඇති නමුත්, එය අඛණ්ඩ ප්‍රසාරණයක් (වර්ධනයක්) පෙන්නුම් කරනවා.

කෙසේ වෙතත්, මෙම වර්ධනය අගෝස්තු මාසයට වඩා මන්දගාමී වේගයකින් සිදු වී තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes