
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය සමත් වී තිබෙනවා.
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය තරගාවලියේ හයවැනි වටයේදී පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
මෙම තරගයේදී බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය වෙනුවෙන් නායක දෙව්මිණ චතුන් තුන් ඉරියව් දස්කම් දක්වමින් තම පිලට ජයග්‍රහණය ලබාදීමේ නියමුවා බවට පත්වුණා. පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 55ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 37කට කඩුලු 6ක් ද දවාලූවා.
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය: පළමු ඉනිම - 176 (පන්දුවාර 49.3) දෙව්මිණ චතුන් 55, බිනාල් සංජුත 32, ලිනුක් මනුමිත 22, කේමිත සඳයුරු 37/4, සිතිජ නෙත්සර 19/3
පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය: පළමු ඉනිම - 132 (පන්දුවාර 39.5) කේමිත සඳයුරු 28, විශ්ව චෙනාත් 25, ඩිහේන් නෙත්මිර 20, දෙව්මිණ චතුන් 37/6
Latest News
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි

වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්‍රිකට් තරුව

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි

මොනරාගල නව දිස්ත්‍රික් ලේකම් වැඩ අරඹයි

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී

හරින් එජාපයේ ප්‍රධාන තනතුරකට

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: ගිරිඋල්ල වික්‍රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
