Sports20 October 2025

වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: මාතර ශාන්ත සර්වේෂස් ‘බී’ අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මාතර ශාන්ත සර්වේෂස්  විද්‍යාල ‘බී’ පිල සමත් වී තිබෙනවා.

මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාල ‘බී’ පිල තරගාවලියේ හයවැනි වටයේදී බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මෙම තරගයේදී මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාල ‘බී’ පිල වෙනුවෙන් විමාෂ බිම්සර තුන් ඉරියව් දස්කම් දැක්වූවා.

මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය ‘බී’ පිලට පළමු ඉනිමේ ජයක්.

මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය ‘බී’: පළමු ඉනිම - 130/9 (පන්දුවාර 38.3)  විමාෂ බිම්සර 33, සෙතික දින්සර 18/3, සකිඳු ඉනුවර 31/3, දහම් සෙනෙහස් 9/2

බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය: පළමු ඉනිම - 106 (පන්දුවාර 45.2) සකිඳු ඉනුවර 26, විමාෂ බිම්සර 19/4, නෙතුම් මින්ලක 16/2, මහිම දිහන්ජිත් 31/2

Related Recomands
Hiru TV News | Programmes