
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අකුරැස්ස මහා විද්‍යාලය සමත් වී තිබෙනවා.
අකුරැස්ස මහා විද්‍යාලය තරගාවලියේ හයවැනි වටයේදී දෙනිපිටිය ජාතික පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. මෙම තරගයේදී අකුරැස්ස මහා විද්‍යාලය වෙනුවෙන් නායක දෙනෙත් ඉඳුවර පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 19කට කඩුලු 5ක් දවාලූවා.
අකුරැස්ස මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
දෙනිපිටිය ජාතික පාසල: පළමු ඉනිම - 90 (පන්දුවාර 46.1) වෙවාෂ් නේතක 36, දෙනෙත් ඉඳුවර 19/5, විහඟ හසරැල් 12/2
අකුරැස්ස මහා විද්‍යාලය: පළමු ඉනිම - 91/8 (පන්දුවාර 44) ෂෙනාල් මෙත්නුජ 22, සිතික දිල්නෙත් 16/2, ෂෙහාර කෞෂල්‍ය 18/2
Latest News
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි

වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්‍රිකට් තරුව

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි

මොනරාගල නව දිස්ත්‍රික් ලේකම් වැඩ අරඹයි

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී

හරින් එජාපයේ ප්‍රධාන තනතුරකට

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: ගිරිඋල්ල වික්‍රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
