Sports20 October 2025

වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: කැළණිය ගුරුකුල අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කැළණිය ගුරුකුල විද්‍යාලය සමත් වී තිබෙනවා.

අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කරමින් කැළණිය ගුරුකුල විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

පළමුව පන්දුවට පහරදුන් ගාල්ල මහින්ද විද්‍යාල පිල පන්දුවාර 40.3කදී ලකුණු 124කට සීමා කිරීමට ගුරුකුල පන්දු යවන්නන් සමත්වූහ. මහින්ද පිල වෙනුවෙන් මානිත රාජපක්ෂ (36), රන්දුල මාබරණ (25) සහ දිනෙත් පැහැසර (17) ලකුණු 10 සීමාව ඉක්මවූ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ නෙතුප සන්දිව් ලකුණු 23කට කඩුලු 4ක් දවාලූවා.

ඉඳුවර ඕෂධ සහ  දෙනෙත් දේශාන් කඩුලු 2ක් බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැළණිය ගුරුකුල විද්‍යාලය පන්දුවාර 45.2කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 128ක් රැස් කළේය. උප නායක ජනිත් මිහිරංග සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 45ක් රැස් කළ අතර, ගුරුකුල ඉනිම ගොඩනැගීමට නායක දෙනුර දිමන්සිත් (36) සහ දෙනෙත් දේශාන් (නොදැවී 18) දායක වූහ. පන්දුවෙන් දස්කම් දැක්වූ සදෙව් නෙත්මිණ ලකුණු 36කට කඩුලු 4ක් දවාලූ අතර, විශ්මිත සත්සර කඩුලු 2ක් දවාලූවා.

ගාල්ල මහින්ද විද්‍යාලය: 124 (පන්දුවාර 40.3) මානිත රාජපක්ෂ 36,රන්දුල මාබරණ 25, දිනෙත් පැහැසර 17, නෙතුප සන්දිව් 23/4, ඉඳුවර ඕෂධ 10/2, දෙනෙත් දේශාන් 36/2

කැළණිය ගුරුකුල විද්‍යාලය: 128/7 (පන්දුවාර 45.2)ජනිත් මිහිරංග නොදැවී 45, දෙනුර දිමන්සිත් 36, දෙනෙත් දේශාන් නොදැවී 18, සදෙව් නෙත්මිණ 36/4, විශ්මිත සත්සර 20/2

Related Recomands
Hiru TV News | Programmes